AFC Banner
Empty Ad
Empty Ad

ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක් – තිදෙනෙක් අතුරුදන්

ධීවර යාත්‍රාවක් ගාල්ලට නිරිත දෙසින් නාවික සැතපුම් 271ක් ආසන්නයේ දී අද (03) අලුයම නෞකාවක ගැටී අනතුරකට ලක්ව තිබෙනවා.

නිහතමානී 01 නැමැති ධීවර යාත්‍රාව මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම ධීවර යාත්‍රාව පසුගිය අගෝස්තු 25 වන දින ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර, එහි ධීවරයින් හත්දෙනෙකු සිට තිබෙනවා.

අනතුරින් එහි සිටි ධීවරයින් තිදෙනෙක් අතුරුදන්ව ඇති අතර, අනෙක් ධීවරයින් සිව්දෙනා වෙනත් ධීවර යාත්‍රාවකින් බේරාගෙන ඇති බවයි වාර්තා වුණේ.

එලෙස බේරාගත් ධීවරයින්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?