පුංචි ඡන්දයට අලුතින් නාම යෝජනා කැඳවීමට අනුමැතිය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ඡන්ද අපේක්ෂකත්වය ලැබීමේ අයිතිය අහිමි වී ඇති ඡන්ද දායකයින්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නාම යෝජනා නැවත කැඳවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

2023-03-09 දින පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් යාම හේතු කොට ගෙන 2024 වර්ෂයේ අලුත් කරන ලද ඡන්ද හිමියන්ගේ නාම ලේඛනයෙහි නම ඇතුළත්ව ඇති 900,000කට අධික ඡන්ද දායක පිරිසකට ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය ලබා දීම සහ ඡන්ද අපේක්ෂකත්වය ලැබීමට ඇති අයිතිවාසිකම අහිමි වී යාමට ඉඩ ඇති බව පෙනී ගොස් ඇති බවයි රජය පවසන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාව ප්‍රකාරව වයස අවුරුදු 18ක් සම්පූර්ණ වී ඇති, ඡන්ද හිමියෙකුවීමට සුදුසුකම් ලැබ තමාගේ නම ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත් කරනු ලැබ ඇති සෑම පුරවැසියෙකුටම සිය ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට හැකි විය යුතු නමුත්, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා 2023 ජනවාරි මස නාම යෝජනා කැඳවා අවසන් වී ඇති බැවින් එකී නාම යෝජනා මත පවත්වනු ලබන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ එතෙක් ලියාපදිංචිව සිටි ඡන්ද දායකයින්ට පමණක් බවට නිරීක්ෂණය වී තිබෙනවා.

එමෙන්ම, 2023 අංක 30 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත සම්මත වීමෙන් පසුව පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කරනු ලබන නාම යෝජනා පත්‍රවල 25%ක තරුණ නියෝජනයක් සඳහා අවකාශ සැලසීම සිදු කළ යුතු වනවා.

එහෙත්, මේ වන විට 2023 වර්ෂයේදී නාම යෝජනා කැඳවා තිබීම හේතුවෙන් තරුණ ප්‍රජාව සඳහා 25%ක අනිවාර්ය අවස්ථාව මග හැරී ගොස් තිබෙනවා.

ඒ අනුව, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත්ව ඇති එහෙත් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වී ඇති ඡන්ද දායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම් ආරක්ෂා කරලීම සඳහා ද;

2024 ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන් තරුණ ඡන්ද දායකයින් 900,000කට වැඩි පිරිසකට ඡන්ද අපේක්ෂකයෙකු ලෙස ඡන්දය සඳහා ඉදිරිපත් වීමේ මූලික අයිතිවාසිකම් අහිමි වී යාමට ඉඩ ඇති බැවින් එකී අයිතිවාසිකම් ආරක්ෂා කරලීම සඳහා ද;

2023 අංක 30 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ විධිවිධාන ප්‍රකාරව ඡන්ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේදී තරුණයින් සඳහා වන කෝටාව අහිමි වී යාම හේතුවෙන් අසාධාරණයට ලක් විය හැකි තරුණ ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීම සඳහා ද;

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවීමටත්, ඉන් අනතුරුව 2024 ඡන්ද නාම ලේඛනය පදනම් කර ගෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා නැවත නාම යෝජනා කැඳවීමටත් මැතිවරණ කොමිෂන් සභාව වෙත අවශ්‍ය බලතල ලැබෙන පරිදි, එකී කොමිෂන් සභාව විමසමින්, යෝග්‍ය විධිවිධාන ඇතුළත්ව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49