AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රදේශ විස්සක සූර්ය විදුලි බලාගාර ස්ථාපනයට කැබිනට් අනුමැතිය

මෙගාවොට් 01 සිට 05 දක්වා වන ධාරිතාවන්ගෙන් යුත් මෙගාවොට් 165ක මුළු ධාරිතාවකින් සමන්විත භූමිය මත ඉදිකෙරෙන සූර්ය විදුලි බලාගාර ස්ථාපනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

අම්පාර, අනුරාධපුර, අතුරුගිරිය, බෙලිඅත්ත, දෙනියාය, ගාල්ල, හබරණ, හොරණ, කොස්ගම, කුරුණෑගල, මාදම්පේ, මහියංගනය, මහව, මාතර, මතුගම, පන්නල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනතිව් සහ වේයන්ගොඩ යන ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 165ක ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා තරගකාරී යෝජනා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

එක් එක් ස්ථානය සඳහා ලංසුකරුවන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ඇගයීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

එකී නිර්දේශ මත පදනම්ව පහත සඳහන් සාරානුකූල ප්‍රතිචාරාත්මක සාර්ථක ලංසුකරුවන් වෙත අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?