AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රිකුණාමලය වරාය හිස්ව තබාගැනීමේ ජාතික අපරාධය නිවැරදි කරනවා – ජනපති

ආසියාවේ විශාලම ස්වභාවික වරායවන ත්‍රිකුණාමල වරාය හිස්ව තබාගැනීමේ ජාතික අපරාධය නිවැරදි කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඉන්දීය රජයේ සහාය ඇතිව එම වරාය කඩිනමින් සංවර්ධනය කර ජාතික ආර්ථිකයට එක් කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

ත්‍රිකුණාමලයේ – උවරමලේ ක්‍රීඩාංගණයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැළියට ඊයේ (31) එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ධීවර කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් සහනාධාර ලබාදෙන බවත්, සිවිල් ආරක්ෂක භටයන්ගේ ගැටළුව ද කඩිනමින් නිරාකරණය කරන බව ද පැවසුවා.

එමෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයන් ලක්ෂ 50ක් දක්වා ඉහළ නංවාගත යුතු බව පැවසූ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් නිලාවේලි සිට ත්‍රිකුණාමලය දක්වාත් වෙරුගල්ආරු සිට ආරුගම්බේ දක්වාත් සංචාරක කලාප ඇති කර සංචාරකයන් විශාල පිරිසක් මේ ප්‍රදේශයට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ සකස් කරන බවයි සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?