ත්‍රිකුණාමලය වරාය හිස්ව තබාගැනීමේ ජාතික අපරාධය නිවැරදි කරනවා – ජනපති

ආසියාවේ විශාලම ස්වභාවික වරායවන ත්‍රිකුණාමල වරාය හිස්ව තබාගැනීමේ ජාතික අපරාධය නිවැරදි කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඉන්දීය රජයේ සහාය ඇතිව එම වරාය කඩිනමින් සංවර්ධනය කර ජාතික ආර්ථිකයට එක් කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

ත්‍රිකුණාමලයේ – උවරමලේ ක්‍රීඩාංගණයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැළියට ඊයේ (31) එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ධීවර කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් සහනාධාර ලබාදෙන බවත්, සිවිල් ආරක්ෂක භටයන්ගේ ගැටළුව ද කඩිනමින් නිරාකරණය කරන බව ද පැවසුවා.

එමෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයන් ලක්ෂ 50ක් දක්වා ඉහළ නංවාගත යුතු බව පැවසූ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් නිලාවේලි සිට ත්‍රිකුණාමලය දක්වාත් වෙරුගල්ආරු සිට ආරුගම්බේ දක්වාත් සංචාරක කලාප ඇති කර සංචාරකයන් විශාල පිරිසක් මේ ප්‍රදේශයට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ සකස් කරන බවයි සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44