සචිත්‍රා රිදී පදක්කමක් ලක්මවට දිනා දෙයි

ස්වීඩනයේ පැවති ලෝක ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරඟාවලියට සහභාගී වී, කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත් සචිත්‍රා ජයකාන්ත අද (28) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙම මලල ක්‍රීඩා තරඟාවලිය ලෝකයේ රටවල් 119ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8,250කගේ සහභාගීත්වයෙන් ඉකුත් අගෝස්තු මස13 සිට 25 දින දක්වා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවැත්වුණා.

සචිත්‍රා ජයකාන්ත මේ වන විට ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජයේ නායිකාව ලෙස කටයුතු කරමින් සිටිනවා.

ඇය මෙම මලල ක්‍රීඩා තරඟාවලියේ දී මීටර් 05.24ක ප්‍රමාණයක් දුර පනිමින්, රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

එම ක්‍රීඩිකාව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ගලගෙදර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටි බව අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01