AFC Banner
Empty Ad
Empty Ad

ලොරි රථයක් යතුරුපැදි දෙකක ගැටී මාරක අනතුරක් – තිදෙනෙකුට බරපතළයි

යතුරුපැදි දෙකක් සහ බට්ටා වර්ගයේ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මාරක අනතුරක් සිදු ව තිබෙනවා.

ඊයේ (27) පස්වරුවේ මෙම අනතුර මන්නාරම උයිලන්කුලම් ප්‍රදේශයේ දී සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් යතුරුපැදියේ ගමන් කරමින් සිටි පුද්ගලයින්ගෙන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මන්නාරමේ සිට යතුරුපැදි දෙක පැමිණ ඇති අතර; උයිලන්කුලම් සිට මන්නාරම් දෙසට ආ ලොරි රථය යතුරුපැදිවල ගැටී තිබෙනවා.

අනතුරට හේතුව ලොරි රථයේ රියදුරුගේ අධික වේගය බවත් හෙළි ව ඇතැයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

අනතුරින් යතුරුපැදියක් දෙකට කැඩී ඇති බවත් වාර්තා වනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූවන් මුරුන්ගන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ප්‍රතිකාර සඳහා ඔවුන් මන්නාරම් මහ රෝහලට යවා තිබෙනවා.

තුවාල ලැබූවන් මන්නාරම හා මාන්තෙයි යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

අනතුර සම්බන්ධයෙන් උයිලන්කුලම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?