ලොරි රථයක් යතුරුපැදි දෙකක ගැටී මාරක අනතුරක් – තිදෙනෙකුට බරපතළයි

යතුරුපැදි දෙකක් සහ බට්ටා වර්ගයේ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මාරක අනතුරක් සිදු ව තිබෙනවා.

ඊයේ (27) පස්වරුවේ මෙම අනතුර මන්නාරම උයිලන්කුලම් ප්‍රදේශයේ දී සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් යතුරුපැදියේ ගමන් කරමින් සිටි පුද්ගලයින්ගෙන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මන්නාරමේ සිට යතුරුපැදි දෙක පැමිණ ඇති අතර; උයිලන්කුලම් සිට මන්නාරම් දෙසට ආ ලොරි රථය යතුරුපැදිවල ගැටී තිබෙනවා.

අනතුරට හේතුව ලොරි රථයේ රියදුරුගේ අධික වේගය බවත් හෙළි ව ඇතැයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

අනතුරින් යතුරුපැදියක් දෙකට කැඩී ඇති බවත් වාර්තා වනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූවන් මුරුන්ගන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ප්‍රතිකාර සඳහා ඔවුන් මන්නාරම් මහ රෝහලට යවා තිබෙනවා.

තුවාල ලැබූවන් මන්නාරම හා මාන්තෙයි යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

අනතුර සම්බන්ධයෙන් උයිලන්කුලම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29