විල්ගමුව – හිංගඟේ දිය නෑමට ගිය 13 ක් කොටුවෙයි

විල්ගමුව – හිංගඟේ දිය නෑමට ගොස් සැඩපහරට හසුව එහි ගල් තලාවක් මත කොටුව සිටි පුද්ගලයන් 13 දෙනෙකු බේරාගැනීමට හැකිව තිබෙනවා.

ගිනිපෙට්ටි පාලම අසළින් දිය නෑමට ගිය ඔවුන් මීගමුව, කටාන, මාළිගාවත්ත සහ මහියංගණය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඊයේ පස්වරු 4.30 ට පමණ ඔවුන් මෙම සිද්ධියට මුහුණ පෑ අතර, පොලිස් ජීවිතාරක්ෂක අංශය, විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද ඔවුන් මුදාගැනීමේ මෙහෙයුමට එක්වුණා.

ඒ අනුව ඊයේ රාත්‍රි 11.30 ට පමණ ඔවුන් බේරාගැනීමට හැකිවූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.