AFC Banner
Empty Ad
Empty Ad

තේ දළු ට්‍රැක්ටරයක් පෙරළී අයෙක් මරුට – රියදුරුට බරපතළයි

හපුතලේ – කොස්ලන්ද ප්‍රදේශයේ අත් ට්‍රැක්ටරයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අත් ට්‍රැක්ටරය තේ දළු ප්‍රවාහනය කරමින් තිබියදී අද (27) පස්වරුවේ මෙම අනතුරට මුහුණපා ඇති බවයි.

එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් ව ඇත්තේ ට්‍රැක්ටරයේ පසුපස ගමන් කරමින් සිටි 54 හැවිරිදි දෙදරු පියෙක්.

බරපතළ තුවාල ලැබූ ට්‍රැක්ටරයේ රියදුරු කොස්ලන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රීඩ්ල් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?