අනුර කළ ප්‍රකාශයට ඇමති කංචනගෙන් උත්තර

දැනට මහා භාණ්ඩාගාරය විසින් ලබාගෙන ඇති ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ තිබූ විදේශ ණය ප්‍රමාණය ගෙවීමට අය කරන ඉන්ධන ලීටරයක් මත පවතින රුපියල් 50ක බද්ද ඉවත් කර; ඉන්ධන මිල අඩු කරන බවට ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සිදුකළ ප්‍රකාශයට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ, ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින්.

මේ අතර ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ පාර්ශ්වයන්ගේ බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳවත්, රජයේ බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳවත්, රජයට එල්ල කරන බලශක්ති ක්ෂේත්‍රයේ දූෂණ හෝ වංචා ගැන ඕනෑම විවාදයකට හෝ සංවාදයකට පැමිණෙන ලෙසට අමාත්‍යවරයා අභියෝගයක් ද එල්ල කරනවා.

අමාත්‍යවරයා ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන.

“පච, බොරු, කෙබර සහ පට්ටපල් බොරු
ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පසුගිය දවසක කියා සිටියා ඔහු බලයට පත් වුවහොත් දැනට මහා භාණ්ඩාගාරය විසින් ලබා ගෙන ඇති ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ තිබු විදේශ ණය ප්‍රමාණය ගෙවීමට අය කරන ඉන්ධන ලීටරයක් මත පවතින රුපියල් 50ක බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරන බව. ඔහු තව දුරටත් පැවසුවේ එම ණය මුදල සම්පුර්ණයෙන්ම මහා භාණ්ඩාගාරයට පියවා ඇති බැවින් එය ඉවත් කල හැකි බවයි.
මෙම නිගමනයට ඔහු පැමිණියේ කෙසේදැයි මම නොදනිමි.
පසුගිය ඉන්ධන නොමැති සහ විදුලිය නොමැති ආර්ථික අර්බුද අසීරු අවස්ථාවේ ජනාධිපතිවරයාට ජනප්‍රිය නොවන නිවැරදි තීරණ ගැනීමට සිදු විය. එම තීරණ ගත් බැවින් අද අවශ්‍ය ඉන්ධන ලබා දීමට හැකියාව ඇත.
2022 වසරේ මහා භාණ්ඩාගාරය විසින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෙන තිබු සහ ගෙවීම් පැහැර හැර තිබු රුපියල් බිලියන 1200කට (ඇමෙරිකානු ඩොලර් මිලියන 3400ක් පමණ) වැඩි ණය ප්‍රමාණයක් ඔවුන්ගේ ගිණුමට ලබා ගන්නා ලදි. එසේ ගනු ලැබුවේ ඉන්ධන ලීටරයකින් රුපියල් 25ක පමණ බද්ධක් 2022 වසරේ සිට අය කර එය ගෙවීමටය. එම බද්ධ රුපියල් 50 දක්වා 2023 වසරේ වැඩි කරන ලද්දේ එම ණය 2029 වසර වන විට ගෙවා අවසන් කරන්න සැලසුමක් සහිතවය. 2025 වසර ආරම්භ වන විට තවත් ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 656ක් වේ.
මෙලෙස තවත් රුපියල් බිලියන 656ක් ගෙවීමට ඇති පසුබිමක ජනතාව සහ ඡන්ද දායකයන් මුලා කරමින් ඉන්ධන මත ඇති බදු අඩු කර ඉන්ධන මිල අඩු කරන බව පවසන්නේ එම ගෙවීමට ඇති මුදල පියවීමට මුදල් මුද්‍රණය කිරිමෙන්ද, තවත් ණය ගැනීමෙන්ද, වෙනත් බදු වැඩි කර අදායම වැඩි කිරීමෙන්ද එහෙමත් නැත්නම් වෙන කවර ආකාරයෙන්ද?
මා මෙයට පෙර කල ආරාධනාව නැවත කරමි. ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ පාර්ශවයන්ගේ බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳව, රජයේ බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳව, රජයට එල්ල කරන බලශක්ති ක්ෂේත්‍රයේ දුෂණ හෝ වංචා ගැන ඕනෑම විවාදයකට හෝ සංවාදයකට මා සමග සිදු කිරීමට පැමිණෙන ලෙස ආරාධනා කරමි.”
කංචන විජේසේකර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
35
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12