හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 309 දෙනෙකු කොළඹ ජාතික රෝහලට

පසුගිය දින දෙකක කාලය තුළ දී හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 309 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා ප්‍රකාශ කළේ එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 39 ක ඉහළ යාමක් බවයි.

පසුගිය වසරේ එම දින දෙකෙහි වාර්තාවී ඇත්තේ හදිසි අනතුරු 188 ක් පමණයි.

මේ අතර මෙවර වාර්තාවූ හදිසි අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් මහමග සිදුවූ රිය අනතුරු වන අතර, එම සංඛ්‍යාව 77 ක්.

එමෙන්ම වැටීම් අනතුරු 73 ක් සහ හිංසන ක්‍රියා මෙන්ම පහරකෑම් 38 ක් ද වාර්තාවී තිබෙනවා.

කෙසේ වෙතත් ගිණිකෙළි අනතුරු වාර්තාවී ඇත්තේ හතරක් පමණක් බවයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?