ජේ ෂාට අවසන් තීරණය ගන්න පැය 96කටත් අඩු කාලයක් – ඉන්දීය නව ක්‍රිකට් ලේකම් කවුද ?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මීළඟ සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් ලේකම් ජේ ෂා පත්වීමට වැඩි අවස්ථාවක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

නව අයි.සී.සී සභාපතිවරයා දෙසැම්බර් පළමු වනදා වැඩ භාරගන්නා අතර, එම තනතුර සඳහා ඉල්ලුම් කරන පුද්ගලයින්ට නාමයෝජනා ගොනු කිරීමේ අවසන් දිනය අගෝස්තු 27 වනදායින් අවසන් වනවා.

කෙසේ වෙතත් ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුර සඳහා තවමත් ඉල්ලුම්කර නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

එවන් තත්ත්වයක ඔහුට ඉන්දීය ක්‍රිකට් ලේකම් දුරයෙන් ඉවත්ව අයි.සී.සී සභාපති තනතුර සඳහා ඉල්ලුම් කිරීමට තවත් පැය 96කට අඩු කාලයක් පවතිනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුර සඳහා පත්වීම නම් අයි.සී.සී මණ්ඩලයේ සාමාජිකයන් 16 දෙනාගෙන් 15 දෙනෙකුගේ සහාය තිබිය යුතු වනවා.

මේ අතර ජේ ෂා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් තනතුරෙන් ඉවත්ව අයි.සී.සී සභාපති තනතුර සඳහා ඉල්ලුම් කළහොත් පුරප්පාඩු වෙන ඉන්දීය ක්‍රිකට් ලේකම් තනතුර සඳහා පත් කරන්නේ කවුරුන් ද යන්න පිළිබඳව ඇත්තේ ප්‍රශ්නාර්ථයක්.

කෙසේ වෙතත් එම තනතුර සඳහා පත්වෙතැයි විශ්වාස කෙරෙන පුද්ගලයින් කිහිප දෙනෙක් පිළිබඳව ඉන්දීය මාධ්‍යයේ අවදානය යොමුව තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් උප සභාපති රජිව් ශුක්ලා, එහි භාණ්ඩාගාරික ආශිෂ් ෂෙලා, IPL සභාපති ලෙස කටයුතු කරන අරුන් ධුමාල්, ඉන්දීය ක්‍රිකට් උප ලේකම් දේවජිත් සයිකියා, දිල්ලි සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති රොහාන් ජේට්ලි හි හිටපු සභාපතිවරයෙක් වන අවිෂේක් දල්මියා යන පුද්ගලයින් ඒ අතර වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56