ශ්‍රේෂ්ඨාධිකරණයේ රහස්‍ය තීන්දුවක් ඉදිරියේ දී කථානායකට

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහස්‍ය තීන්දුව ඉදිරියේ දී පාර්ලිමේන්තුවට දැනුම්දෙන බව වාර්තාවනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ පනත් කෙටුම්පතේ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ව සාකච්ඡා කර අවසන් බව ද සඳහන්.

ඒ අනුව අධිකරණයේ රහස්‍ය තීන්දුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ආචාර්‍ය අම්භිකා සත්කුනනාදන් ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සමක් විභාගයට ගනිමින් මෙම තීරණය සලකා බැලුණා.

එම පෙත්සම් අද (23) ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ (ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ වෙංගප්පුලි) විභාගයට ගැනුණා.

මෙම පනත් කෙටුම්පතේ තහනම් ප්‍රකාශ යන්න පැහැදිළි ව අර්ථකථනය කර නොමැති බවත්; ඊට අදාළ දඬුවම් සම්බන්ධයෙන් දක්වා නොමැති බවයි.

ඒ අනුව කිසියම් අවස්ථාවක මෙම පනත සම්මත වන්නේ නම්; ඊට පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලයක් සේ ම ජනමත විචාරණයක් ද අවශ්‍ය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසට ද පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා සිටියා.

එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න පැවසුවේ මෙම පනත් කෙටුම්පතට ඉදිරිපත් කිරීමට සුදුසු සංශෝධන පිළිබඳ ව විෂය භාර අමාත්‍යාංශය වෙත නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදීමට කටයුතු කරන බවයි.

ඒ අනුව අදාළ ඉහත නියෝගය අධිකරණය විසින් නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27