AFC Banner
Empty Ad
Empty Ad

රාහුල නායක හිමිගේ ආදාහන උත්සවය සිදු කෙරේ

පසුගියදා අපවත් වී වදාළ ඓතිහාසික රංගිරි දඹුලු රාජමහා විහාරයේ විහාරාධිපති අති පුජ්‍ය අඹගස්වැවේ සද්ධර්ම කිර්ති ශ්‍රී චන්ද්‍රජෝති රාහුලභිධාන නායක ස්වාමීන් වහන්සේගේ ආදාහනෝත්සවය ඊයේ පස්වරුවේ (22) පැවැත්වුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවෙ; මෙම ආදාහන පූජෝත්සවය මල්වතු – අස්ගිරි නායක හිමිවරුන්ගේ වැඩම කිරීමෙන් සහ ගිහි පැවිදි පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු වූ බවයි.

උන්වහන්සේ රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදී කොළඹ පෞද්ගලික රෝහලක දී අපවත් වුණා.

රාහුලභිධාන නායක ස්වාමීන් වහන්සේ අපවත් වන විට ශ්‍රී විෂ්ණු මහා දේවාලයෙහි භාරකාර ධුරන්දර දඹුල්ල සිරි වළගම්බා මහ පිරිවෙනෙහි පරිවෙනාධ්‍යක්ෂ, ශ්‍යාමෝපලි මහා වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක වශයෙන් ද කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?