AFC Banner
Empty Ad
Empty Ad

ඉරාන ජනපති රයිසිට මර කැඳවූ ගුවන් යානය කඩාගෙන වැටීමට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටර් යානය අනතුරට පත්වීමට හේතුව හෙළි ව තිබෙනවා.

එරටට රජයේ ප්‍රවෘත්ති සේවයක් වාර්තා කර ඇත්තේ; අයහපත් කාලගුණය සහ යානයට එහි බර පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.

පසුගිය මැයි මාසයේ සිදු වූ එම අනතුරින් ඉරාන ජනපතිවරයා එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් වූ අතර; ඔහුගේ ශරීරයේ බොහෝ කොටස් පිළිස්සී තිබුණු බවත් වාර්තා වුණා.

එමෙන්ම කිසිදු ආකාරයකින් එම ප්‍රහාරයට වෙනත් පාර්ශ්වයකින් ප්‍රහාරයක් එල්ල වී නොමැති බවයි එරට පුවත් ඒජන්සිය පවසා ඇත්තේ.

යානය අසර්බයිජාන් දේශසීමාව ආසන්නයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටෙන විට එහි නියමිත ප්‍රමාණයට වඩා පුද්ගලයින් දෙදෙනෙක් ගමන්කර තිබූ බව ද අනාවරණය වී තිබුණා.

එමෙන්ම ඉරාන ජනාධිපතිවරයා මියයාමට පෙර සතියකදී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක් වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
7
+1
1
+1
11
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?