AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු නඩුවෙන් නිදහස් – මෛත්‍රී වන්දි ගෙවා අවසන් කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරු වුණු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණ‍ය විසින් ගෙවීමට නියම කරන ලද වන්දි මුදල් ප්‍රමාණය වන රුපියල් මිලියන 100 ගෙවා අවසන් කර තිබෙනවා.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එම ත්‍රස්ත ප්‍රහාර මාලාව වැළැක්වීමට කටයුතු නොකිරීම මත හිටපු ජනාධිපතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ලැබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් විභාග කිරීමෙන් අනතුරුව 2023 වසරේ ජනවාරි 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔවුන් වරදකරුවන් බවට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව අධිකරණය විසින් නියම කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් මිලියන 100ක්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් රුපියල් මිලියන 75 බැගින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් මිලියන 50ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා රුපියල් මිලියන 10ක් ලෙස මුදල් වන්දි වින්දිතයින්ට ගෙවිය යුතු බවයි.

හිටපු ජනාධිපතිවරයාට ගෙවීමට ඉතිරිව තිබූ රුපියල් මිලියන 12ක මුදල 2024.08.16 වනදා සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බව වාර්තා වන අතර ඔහු විසින් ගෙවීමට තිබූ රුපියල් මිලියන 100ක වන්දි මුදල කොටස් 7කින් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපතිවරයාට අමතරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අයවලුන් ද ඔවුන්ට නියම ව තිබූ වන්දි මුදල් ගෙවා අවසන් කර ඇති බව සඳහන් වනවා.

නමුත්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන අයවලුන් සිය වන්දි මුදල් මෙතෙක් ගෙවා අවසන් කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
14
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?