AFC Banner
Empty Ad
Empty Ad

රංගිරි දඹුලු රජමහා විහාරාධිපති හිමියන්ගේ දේහය විහාරබිමට

ඓතිහාසික රංගිරි දඹුලු රාජමහා විහාරය හා ශ්‍රී විෂ්ණු මහා දේවාලයෙහි භාරකාර ධුරන්දර දඹුල්ල සිරි වළගම්බා මහ පිරිවෙනෙහි පරිවෙනාධ්‍යක්ෂ, ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක, අතිපුජ්‍ය අඹගස්වැවේ සද්ධර්ම කිර්ති ශ්‍රී චන්ද්‍රජෝති රාහුලභිධාන නාහිම්පාණන් වහන්සේගේ දේහය අද උදෑසන රථ පෙරහැරකින් විහාරස්ථානය වෙත රැගෙන විත් තිබෙනවා.

ඊයේ උදෑසන උන්වහන්සේ අපවත් වූ අතර; මේ වනවිට දේහය රංගිරි රජමහා විහාර මැද පන්සලේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

උන්වහන්සේගේ අවසන් කටයුතු එළඹෙන බ්‍රහස්පතින්දා සවස රංගිරි දඹුලු සීමා මාලකයේ දී සිදු කිරීමට නියමිත අතර අපවත් වනවිට උන්වහන්සේ 65 වැනි වියෙහි පසුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
12
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?