Aamer Jamal ට බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන Aamer Jamal හට එළඹෙන අගෝස්තු මස 21 වැනිදා රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ දී ඇරඹෙන බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ ජමාල් පිට කොන්දේ වේදනාවකට ලක් වීම හේතුවෙන්.

ජමාල් මෙම තරගාවලියට මීට පෙර සංචිතගත කර තිබූ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස වුව ද; ශාරීරික යෝග්‍යතාව අසමත් වීම හේතුවෙන් ඔහුට තරගාවලිය අහිමි ව තිබෙනවා.

ඒ ඔහුගේ කොන්දෙ කැක්කුමෙන් තවමත් ඔහු නිට්ටාවටම සුවය නොලැබීම හේතුවෙන්

මේ හේතුවෙන් ඔහුට අගෝස්තු 30 වැනිදා ඇරඹීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය ද අහිමි වනු ඇති.