අවුරුදු එළිපත්තේ මනුෂ්‍ය ඝාතන තුනක්

ඊයේ දින දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මනුෂ්‍ය ඝාතන තුනක් වාර්තා වන බව පොලිස් මාධ්‍ය අංශය පවසනවා.මේ අතරින් මනුෂ්‍ය ඝාතන දෙකකට හේතු වී ඇත්තේ අනියම් සම්බන්ධතාවයන්.තිස්සමහාරාම සඳගිරිගම ප්‍රදේශයේ 48 හැවිරිදි කාන්තාවක් ඊයේ දිනයේ දී මිය ගියේ සිය අනියම් සැමියාගේ පොලු පහරකට ලක් වීමෙන්.

මීට අමතරව හිදෝගම හීනාබෝවාගම ප්‍රදේශයේදී හතළිස් පස් හැවිරිදි පුද්ගලයෙකු අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඝාතනය කෙරුණා.අදාළ පුද්ගලයා කඩුවකින් කපා කොටා ඝාතනය කර ඇත්තේ ඔහු අනියම් සම්බන්ධතාව පැවැත් වූ කාන්තාවගේ සැමියා විසින්.

එමෙන්ම පොතුහැර රත්ගල්ල ප්‍රදේශයේදී හැටපස් හැවිරිදි සිය පියාගේ ගෙළ මිරිකා මරා දැමූ හතළිස් පස් හැවිරිදි පුතෙකු පිළිබඳවත් වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?