ඊයේ දිනයේ දිවයින පුරා මාරක රිය අනතුරු එකොළහක්

ඊයේ දිනයේ දිවයිනපුරා සිදුවු මාරක රිය අනතුරු එකොළහක් හේතුවෙන් යතුරුපැදිකරුවන් 8 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසනවා.

 පසුගිය දින කිහිපය පුරා සිදු වූ අනතුරුවලින් යතුරුපැදිකරුවන්,පසු පැදිකරුවන් සහ පදිකයින්ගේ මියයාම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මහ මග ගමන් කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ නිසා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නව වසරේ නෑදෑ හිතමිතුරන් සමග ගමන් බිමන් යාමේ දී මාර්ග නීති පිළිපදින ලෙස හා රථ වාහන වල උපරිම මගී ධාරිතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලෙසයි.

මෙරට සිදුවන මාර්ග අනතුරු බොහොමයකට හේතු වී ඇත්තේ අධික වේගයෙන් රිය ධාවනය, බීමත්කම,මාර්ග නීති නොපිළිපැදීම, සහ නොසැලකිල්ල බවයි පොලිස් රථවාහන අංශය පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් මෙම සිංහල අවුරුද්ද ගමන් බිමන් යාමේ දී ඉහත කී කාරණා වෙත වැඩි අවධානයක් යොමු කරන ලෙස ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?