විශ්මිගේ ශතකය අපතේ යයි – අයර්ලන්ත ක්‍රීඩිකාවන්ට තියුණු ජයක්

අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමඟ ඊයේ (16) පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කඩුලු 03ක පරාජයක් අත්විදීමට සිදු වුණා.

අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හි පැවති මෙම තරගයේ අයර්ලන්ත ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 260ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ විශ්මි ගුණරත්න සිය මංගල ජාත්‍යන්තර එක්දින ශතක වාර්තා කරමින් ලකුණු 101ක් රැස් කළා.

අනතුරුව ලකුණු 261ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩිකාවන් අදාළ ඉලක්කය පන්දුවාර 49යි පන්දු 02ක් තුළ කඩුලු 07ක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

අයර්ලන්ත පිළිතුරු ඉනිම වෙනුවෙන් ඔර්ලා ප්‍රෙන්ඩෙගාස්ට් සටන්කාමී ඉනිමක් දියත්කරමින් නොදැවී ලකුණු 122ක් රැස් කරමින් අයර්ලන්ත ජයග්‍රහණය තහවුරු කළා.

පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 54කට කඩුලු 04ක් බිඳ දැමුවා.

ඒ, අනුව අයර්ලන්ත ක්‍රීඩිකාවන්ට මෙම තරගයෙන් කඩුලු තුනක ජයක් හිමි වුණා.

අයර්ලන්ත හමුවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් එක්දින තරගයක් පරාජය වූ පළමු අවස්ථාව වීමද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00