නීතිය හා සාමය ස්ථාපිත කළ නිසා ඡන්දෙ තියන්න පුළුවන් – ජනපති

2022 ජූලි මාසයේ දී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ බැවින්; මෙම වසරේ සැප්තැම්බර් 21 වැනිදා සිය ඡන්දය භාවිතා කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට මෙරට ජනතාවට අවස්ථාව ලැබී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ වෙනුවෙන් කැප වී කටයුතු කළ මෙරට සියලු ආරක්ෂක අංශ සාමාජිකයන්ට තම ස්තුතිය පිරිනමන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

පොලිස් විශේෂ කාර්‍යය බලකායේ ශ්‍රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය ඊයේ (13) දින විවෘත කෙරුණා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය කඳවුරට පැමිණි ජනාධිපතිවරයා; පොලිස් විශේෂ කාර්ය බලකා උත්තමාචාර සම්මාන පිළිගන්වමින් අභිමානවත් අයුරින් පිළිගැනුණා.

සමරු ඵලකය නිරාවරණය කර විශේෂ මෙහෙයුම් විධානය විවෘත කළ ජනාධිපතිවරයා; භට නිවාස පරීක්ෂා කිරීමට එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ වත්මන් අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වුවා.

උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ; රට තුළ නීතිය හා සාමය තහවුරු කරමින් නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට සහාය ලබාදීම ජනාධිපතිවරයා ලෙස තමාගේ ද, මැතිවරණ කොමිසම, පොලිස් දෙපාර්තමේන්තුවේ ද වගකීම බවයි.

මෙම විශේෂ මෙහෙයුම් විධානය මහජන සාමය කළමනාකරණය සහ යතුරුපැදි ධාවකයින්ගේ කණ්ඩායමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය ලෙස ඉදිරියේ දී කටයුතු කරනු ඇති.

විශේෂ කාර්ය බලකායේ මෙම විශේෂිත ඒකකවල මෙහෙයුම් විධානය විශේෂ මෙහෙයුම් අධ්‍යක්ෂ වෙත පැවරෙනු ඇති අතර, ඔහු නියෝජ්‍ය මෙහෙයුම් අණදෙන නිලධාරියා හරහා විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක වෙත සෘජුවම වාර්තා කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම මධ්‍යස්ථානයේ ස්ථානගත කර ඇති විශේෂිත කණ්ඩායම්වලට ත්‍රස්තවාදී සහ ප්‍රචණ්ඩ අන්තවාදී ප්‍රහාර, ප්‍රචණ්ඩකාරී මහජන විරෝධතා, ප්‍රාණ ඇපකරුවන්ගේ සිද්ධීන් සහ වෙනත් ඒ හා සමාන අර්බුද ඇතුළුව විවිධ හදිසි අවස්ථා වෙත ප්‍රතිචාර දැක්වීමේ වගකීම ද පැවරී ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, සිංගප්පූරු රජයේ නීතිය හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය කේ. ශම්මුගම්, නාවික හමුදාපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරේරා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27