Empty Ad
Empty Ad
 Empty Ad

වායු ගෝලයේ කැලඹීමක් – තැනින් තැන වැසි

පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද සහ ඉදිරි දින කිහිපයේ දී ද වැසි තත්ත්වය බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ; දිවයිනේ දකුණු අර්ධයේ එනම් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව යන පළාත්වලට විටින් විට වැසි ඇති වීමේ ඉඩකඩක් ඇති බවයි.

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වරින් වර වැසි ඇති වීමේ තත්ත්වයක් මතු ව තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ පහළ වායු ගෝලයේ පවතින කැලඹිලිකාරී ස්වභාවයයි.

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දී ද වැසි ඇදහැලීමේ ඉඩකඩක් පවතින බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර ඊයේ දිනය වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලට ඇදහැලුණු වර්ෂාව මිලිමීටර් 100 ඉක්ම වූ අගයක් ගැනීම හේතුවෙන් එම ප්‍රදේශවල මහා මාර්ග ජලයෙන් යට වී ඇති අයුරු දක්නට ලැබුණා.

බුත්තල ප්‍රදේශයට ඊයේ පස්වරුවේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය සමග බුත්තල නගරය සහ ඒ අවට මාර්ග ජලයෙන් යට වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

බුත්තල – බඩල්කුඹුර මාර්ගය, බුත්තල – මොණරාගල මාර්ගය සහ වැල්ලවාය – බුත්තල මාර්ගය මෙලෙස ජලයෙන් යට වී ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රුසියාවට එරෙහිව ළඟදීම දිගුදුර මිසයිල කතා කරාවි" සෙලෙන්ස්කි කියයි #globalnews #selenski #amrican
10:37
Video thumbnail
හඳුන්නෙත්ති වැඩ බාරගෙන හොර වැඩ කරන අයටත් අනතුරු අඟවයි - දැන් ඉතින් සෙල්ලම් දාලා - පගාව ඇරන් හමාරයි
15:05
Video thumbnail
කංචන පාර්ලිමේන්තුවේ ඉන්නේ ඕනේ - ජීවන් කියයි
01:10
Video thumbnail
රවී පාර්ලිමේන්තුවට ගියොත් හොරා එනවා කියලා කෑගහයි
05:28
Video thumbnail
සිලින්ඩරයෙන් දියවන්නාවට ජාතික ලැයිස්තුවෙන් එන්නේ මෙන්න මෙයා
01:56
Video thumbnail
සරෝජා ඇමතිතුමියත් වැඩ බාරගනී
04:37
Video thumbnail
කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩ බාරගත් සුනිල් හඳුන්නෙත්තිගෙන් විශේෂ ප්‍රකාශයක් #npp #sunilhandunnetti
05:29
Video thumbnail
වැඩ බාරගත් වසන්ත අනතුරු අඟවයි
11:24
Video thumbnail
හරීන් පාර්ලිමේන්තු යයි ද? "ජීවිතේ එහෙම තමා පොඩි පසුබෑමක් - අපි කවුද කියලා පෙන්වනවා"
02:14
Video thumbnail
ප්‍රතිඵල බලාගෙන හිටපු ජනපති හදිස්සියේ ගිය ගමන
01:10

?