AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපතිවරණයේ දී අල්ලස් ලබාගැනීම් සහ බලය අයුතු ලෙස භාවිත කිරීම් ගැන පැමිණිලි

ජනාධිපතිවරණය ආසන්නයේ දී ඇතැම් මහජන නියෝජිතයන් විසින් අල්ලස් ලබාගැනීම සහ රාජ්‍ය බලය අවභාවිත කිරීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂකයින් අවධානය යොමු කර තිබෙනවා.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ මේ වන විට මූලික වශයෙන් රාජ්‍ය බලය සහ දේපළ අවභාවිතය සම්බන්ධයෙන් පැමිණිලි 84ක් ලැබී ඇති බවයි.

එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 44ක් ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සඳහන් කළා.

මීට අමතරව, ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 09ක් පොලිස් මෙහෙයුම් මැදිරියට ලැබී ඇති අතර, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 04ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 05ක් ඊට ඇතුළත්.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ද සැලකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 320ක්.

ඉන් පැමිණිලි 103ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති අතර, ඉතිරි පැමිණිලි 214 ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමා ආණ්ඩුවෙත් යටිකූට්ටු වැඩ ඕන් දැන් එළියට - දෙවනි අරගලයක පෙර නිමිති #akd #npp
04:01
Video thumbnail
මැතිවරණ කොමසාරිස් හදීසියේ කළ විශේෂ ප්‍රකාශය #election2024
03:27
Video thumbnail
ජනපති අනුරත් - සජිත් ප්‍රේමදාසත් එකට එකතු වුණාම - රටටත් හොඳයි - ජනතාවටත් හොඳයි #sajithpremadasa
01:23
Video thumbnail
කචල් සජබයේ ඇත්තම පිපිරීම ජේෂ්ඨයෝ පිළිගනී - "හිරුණිකාට මම ඊයේ රෑත් කතා කළ" #sjb
03:04
Video thumbnail
මානව ඉතිහාසය වෙනස් කළ මොහොත #INTERNATIONAL_INSIGHT #globalnews
08:55
Video thumbnail
තිස්ස බොදු දරුවෙක් වෙයි - ආණ්ඩුවේ ගුණ වයයි #sajithpremadasa #anurakumaradissanayake
01:37
Video thumbnail
මාලිමාව ජනතාවට කියලා ආපු දේ නෙමෙයි කරන්නේ
04:05
Video thumbnail
අහෝ දුකකි - කිරි ඇල්ලත් මාලිමාවට ? - ආණ්ඩුවට අපි කල් දෙන්න ඕනි #sjb #anurakumaradissanayake
02:19
Video thumbnail
හොරකම වලක්වන්න හොදම දේ තමයි සජබට කතිරේ ගහන එක
04:59
Video thumbnail
සුරාබදු නිළධාරීන් සහ නාවික හමුදාව එක්ව කළ සුපිරි වැටලීම - ලක්ෂ 80කට වැඩි බීඩි කොළ මාට්ටු
01:55

?