AFC Banner
Empty Ad
Empty Ad

මෙරට රූපවාහිනී මාධ්‍ය ඉතිහාසයේ පළමු ප්‍රවෘත්ති නිවේදිකාව ජීවන විකාශය සමාප්ත කරයි

ශ්‍රී ලාංකේය රූපවාහිනී මාධ්‍යයේ පළමු ප්‍රවෘත්ති නිවේදිකාව වන ප්‍රවීණ මාධ්‍යවේදිනී සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දීර්ඝ කාලයක සිට ඇය රෝගාතුරව සිටි බවයි පවුලේ ආරංචි මාර්ග පවසන්නේ.

අභාවප්‍රාප්ත වන විට ඇය 80 හැවිරිදි වියෙහි පසුවුණා.

සම්මානිත ප්‍රවීණ නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය ගුවන් විදුලියට එක් වන්නේ වර්ෂ 1962 ජූලි 01 වැනිදා යි.

ඒ ‘වෙළෙඳ සේවයේ’ සහාය නිවේදිකාවක් ලෙස එක්වෙමින්.

“පිබිදෙන ගායක පරපුර”, “ඕවල්ටීන් පැනපොඩි” “රේඩියෝ සඟරාව එකල ඇය ඉදිරිපත් කළ අතිශය ජනප්‍රිය වැඩසටහන් අතර වුණා.

එකල රජයට පවරා ගත් ස්වාධීන රූපවාහිනියේත්, ජාතික රූපවාහිනියේත් පළමු ප්‍රවෘත්ති නිවේදිකාව ලෙසින් ජීවමාන පුරාවෘත්තයන් අතරට ඇය එක් වුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ “උම් අල් ක්වේන්” ප්‍රාන්තයේ ප්‍රථම සිංහල ගුවන්විදුලි නාලිකාවේ ශ්‍රී ලාංකේය නියෝජනය ඇයගේ හඬ පෞරුෂයෙන් සිදු වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
2
+1
0
+1
29
+1
6
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?