බංග්ලාදේශ පාර්ලිමේන්තුව විරෝධතාකරුවන්ගේ යටතට – හමුදාවෙන් විශේෂ ප්‍රකාශයක්

බංග්ලාදේශයේ මේ වනවිට (05) ඇවිළෙමින් පවතින දැඩි ප්‍රචණ්ඩකාරී විරෝධතා හේතුවෙන් අද පස්වරුවේ එරට අගමැතිනි ලෙස කටයුතු කළ ෂීක් හසීනා සිය ධුරයෙන් ඉවත් ව, හෙලිකොප්ටරයකින් සිය සහෝදරිය සමග ඉන්දියාව වෙත පලා ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙවන් පසුබිමක් හමුවේ එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ; විරෝධතාකරුවන් බංග්ලාදේශ පාර්ලිමේන්තුවට ඇතුල් වී එය නතු කරගෙන ඇති බවයි.

අද පස්වරුවේ අගමැතිනි හසීනා සිය ධුරයෙන් ඉවත් ව ඩකා අගනුවර ඇති සිය අග්‍රාමාත්‍ය නිල කාර්‍යාලයෙන් ආරක්ෂිත ව වෙනත් ස්ථානයක් කරා පිටත්ව ගිය බවයි පැවසුනණේ.

එවන් පසුබිමක දී එරට හමුදා ප්‍රධානී Wakeruz Zaman කියා සිටියේ තමන් ජාතිය ඇමතීමට සූදානම් බවයි.

ඔහු ජාතිය අමතමින් ඉදිරියේ දී අන්තර් වාර රජයක් බංග්ලාදේශයේ පිහිටුවන බවට කියා සිටියා.

රැකියා කෝටාවට එරෙහි විරෝධතා වශයෙන් මෙම උද්ඝෝෂණ මාලාව පසුගිය සති දෙක පුරාවට ම ආරම්භ වූ අතර ඊයේ (04) දිනය වන විට පොලිස් නිලධාරීන් ඇතුළු සිවිල් වැසියන් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

එරට විරෝධතාකරුවන් ෂීක් හසීනාගේ ඩකා නුවර පිහිටි නිල නිවසට ඇතුල් ව එහි තිබූ වටිනා භාණ්ඩ සියල්ල ම කොල්ලාකා ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතර ව ඩකා හි එක් කොටසක ඉදිකර ඇති ෂීක් හසීනාගේ පියා වන ඩකා ප්‍රාන්ත නිර්මාතෘ මුජිබර් රහ්මාන්ගේ ප්‍රතිමාවක් මතට නැග හිසට පොරවකින් පහර දෙන දර්ශන ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ෂීක් හසීනාගේ පියා ඇතුළු පවුලේ බොහෝ පිරිසක් 1975 වර්ෂයේ එරට රජයේ කුමන්ත්‍රණයකින් සමූල ඝාතනය වූ පසුව ෂීක් හසීනා කලකට පසුව එරට බලයට දෙවරක් පත් වූ තැනැත්තියක් ලෙසයි ප්‍රසිද්ධ වන්නේ.

කෙසේවෙතත් හමුදා ප්‍රධානී ජෙනරාල් Waker-Uz-Zaman ජනතාවගෙන් ඉල්ලා සිටියේ පළමුව සන්සුන්ව සිටින ලෙසත්, ඉදිරි සති දෙක තුළ දී ඉතා ඉක්මනින් මියගිය සෑම අයෙකුට ම සාධාරණයක් සිදු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
3
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?