රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ සහෝදරයෙක් අල්ලස් කේස් එකකට අත්අඩංගුවට

වාණිජ හා කර්මාන්ත රාජ්‍ය ඇමති සතාසිවම් වියලේන්ද්‍රන්ගේ සහෝදරයා සහ ලේකම්වරයා මුදල් අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මෙලෙස අල්ලස් ලබාගෙන ඇත්තේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් බලපත්‍රයක් ලබාදීම සඳහා යි.

ඒ අනුව මඩකලපුව ජයමිණි වැවේ රොන්මඩ ඉවත් කර එම රොන්මඩ නිස්සාරණය කර පැමිණිලිකරුගේ සමාගම නමින් වැලි කැණීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා බලපත්‍ර ලබාදීම සඳහා සැකකරු රාජ්‍ය ඇමතිගේ ලේකම් විසින් රුපියල් ලක්ෂ 15ක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වාණිජ හා කර්මාන්ත රාජ්‍ය ඇමති සතාසිවම් වියලේන්ද්‍රන්ගේ පෞද්ගලික ලේකම් ඔහුගේ මඩකලපුව දේශපාලන කාර්යාලයේදී අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපුව ලංකා බැංකු නගර ශාඛාව ඉදිරිපිට දී මුදල් ලබාගනිමින් සිටියදීයි.

මෙම පැමිණිල්ල කළ ව්‍යාපාරිකයා පොළොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බව ද වාර්තා වනවා.

මීට පෙර ද රාජ්‍ය ඇමති වියලේන්ද්‍රන්ගේ තවත් සහෝදරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03