AFC Banner
Empty Ad
Empty Ad

ගම්පංගුව රක්ෂිතයේ විශාල ගින්නක්

වැල්ලවාය – ගම්පංගුව රක්ෂිතයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම ගින්නෙන් රක්ෂිතයේ අක්කර පහළොවකට වඩා ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇති බවයි.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්පංගුව කඳු රක්ෂිතයේ ඊයේ (31) පස්වරුවේ දී මෙම ගින්න හටගෙන ඇති අතර එය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ගින්න අද (01) අලුයම වන තෙක් රක්ෂිතයේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර අද උදෑසන වන විටත් තැනින් තැන තවමත් ගිනි ගැනීම් දක්නට ලැබෙන බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

මෙම ගින්නෙන් රක්ෂිතයේ තිබූ ඉපැරැණි ශාක සහ වනසතුන් රැසක් ම මියගොස් ඇති බවත් වාර්තා වනවා.

කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට වනසංරක්ෂණ නිලධාරීන් සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය වනසරංකෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?