ගම්පංගුව රක්ෂිතයේ විශාල ගින්නක්

වැල්ලවාය – ගම්පංගුව රක්ෂිතයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම ගින්නෙන් රක්ෂිතයේ අක්කර පහළොවකට වඩා ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇති බවයි.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්පංගුව කඳු රක්ෂිතයේ ඊයේ (31) පස්වරුවේ දී මෙම ගින්න හටගෙන ඇති අතර එය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ගින්න අද (01) අලුයම වන තෙක් රක්ෂිතයේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර අද උදෑසන වන විටත් තැනින් තැන තවමත් ගිනි ගැනීම් දක්නට ලැබෙන බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

මෙම ගින්නෙන් රක්ෂිතයේ තිබූ ඉපැරැණි ශාක සහ වනසතුන් රැසක් ම මියගොස් ඇති බවත් වාර්තා වනවා.

කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට වනසංරක්ෂණ නිලධාරීන් සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය වනසරංකෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42