AFC Banner
Empty Ad
AFC Banner

මෝදි නුදුරේදීම යුක්රේනයට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන මාසයේ යුක්රේනයට පැමිණීමට ඉඩ ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

රුසියාව සමඟ යුද්ධය ආරම්භ වීමෙන් පසුව සහ මොස්කව්හිදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමෙන් සති කිහිපයකට පසුව ඔහුගේ පළමු සංචාරය මෙය බවයි ප්‍රවෘත්ති වාර්තාවේ දැක්වුණේ.

නවදිල්ලියේ යුක්රේන තානාපති කාර්යාලය රොයිටර්ස් වෙත පවසා ඇත්තේ බෙදා ගැනීමට තොරතුරු නොමැති බවයි.

ඉන්දීය විදේශ අමාත්‍යාංශයෙන් ක්ෂණික ප්‍රතිචාරයක් නොමැති බව රොයිටර්ස් පවසනවා.

2022 දී යුක්රේනය මුළුමනින්ම ආක්‍රමණය කිරීමෙන් පසු බටහිර රටවල් මොස්කව් වෙත සම්බාධක පනවා ඇතත්, නමුත් ඉන්දියාව සහ චීනය වැනි “මිත්‍රශීලී” ජාතීන් දිගටම ඔවුන් සමග වෙළඳ ගනුදෙනුවල නිරත වනවා.

ඉන්දියාව, රුසියාවට සෘජුව දොස් පැවරීමෙන් වැළකී සිටින අතර, දෙරට අතර ගැටුම සංවාදයෙන් සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් විසඳා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

මේ අතර යුක්රේනයේ සංස්කෘතික සහ තොරතුරු ප්‍රතිපත්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය Anastasia Bondar දිල්ලියේ දී WION සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී අගමැති මෝදි තම රටට පැමිණීම පිළිබඳ සුබවාදී ප්‍රතිචාරයක් දක්වා තිබුණා.

“ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉතා ඉක්මනින් යුක්රේනයට පැමිණෙනු ඇතැයි මම පෞද්ගලිකව දැඩිව විශ්වාස කරනවා, ඔහුට යුක්රේනයේ දැන් සිදුවෙමින් පවතින තත්ත්වය පෙන්වීමට ඇති එකම ක්‍රමය මෙයයි..” එහිදී ඇය පවසනවා.

අමාත්‍යවරියා ඉන්දීය අගනුවරට පැමිණ සිටියේ ලෝක උරුම කමිටු රැස්වීම සඳහා වන අතර, එහිදී යුක්රේනයේ ඓතිහාසික ස්ථානවලට යුද්ධයේ බලපෑම පිළිබඳ යුක්රේනය අනුග්‍රහය දැක්වූ යෝජනා තුනක් ද සම්මත කර ගැණුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරගේ කට්ටිය පාර්ලිමේන්තුවට ඇවිත් කරන්න යන දේ
11:43
Video thumbnail
ධනංජය සහ බෝපගේ කස්තිරමේ ඇවිලෙයි
03:46
Video thumbnail
නාමල්ගේ කතාව මැද මල පැන්න මාමා කුණුහරපෙන් අමතයි
03:10
Video thumbnail
KASTHIRAMA | සජබ අපේක්ෂක ධනංජය නාරන්බැද්ද සහ ජන අරගල සන්ධානයේ අපේක්ෂක නුවන් බෝපගේ
01:18:20
Video thumbnail
අනුර දිනපු එකට මට සතුටුයි - සජබ අපේක්ෂකයා කියයි
04:12
Video thumbnail
ජන අරගලය මාලිමාව නැත්තට නැති කරයි
03:18
Video thumbnail
එයාලට මේ පරාජය දරාගන්න බෑ - "ගෙවල් වලට එන ගෙම්බො වගේ මෙයාලා" #anurakumaradissanayake
08:42
Video thumbnail
වෛද්‍ය චමල් සංජීවගෙන් ඇඟ හිරි වැටෙන ආන්දෝලනාත්මක හෙළිදරව්වකන්
11:15
Video thumbnail
දමිතා ගිය අලුත් පක්ෂයේ ලොකු වලියක් - හැමෝම හැමෝගෙම රෙදි නැති කරයි
21:56
Video thumbnail
ප්‍රසිද්ධ වේදිකාවේ ලන්සාට දෙක පැටලෙයි - පෙත්තෙක් වගේ කියෙව්වට මෙලෝ දැනුමක් නෑ
02:49

?