AFC Banner
Empty Ad
Empty Ad

අගෝස්තුවේ සිට දෙසැම්බර් දක්වා බිත්තර මිලියන 03ක් ගෙන්වන්න සැරසෙයි

අගෝස්තු මාසයේ සිට දෙසැම්බර් දක්වා බිත්තර මිලියන 03ක් ආනයනය කිරීමට සිදුවන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

වෙළඳ අමාත්‍යංශයේ අද (30) පැවති පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එලෙස ආනයන කරන බිත්තරයක් රුපියල් 38ක් හෝ 40ක් වැනි මිලකට අලෙවිකරණ බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා

එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ, වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකිවනු පරිදි මෙලෙස බිත්තර ආනයනය කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?