අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී ඉතා සුපරික්ෂාකාරී වන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
පොලීසිය සඳහන් කළේ අන්තර්ජාලයෙන් අලෙවි කරන ඇතැම් භාණ්ඩ කිසියම් පුද්ගලයෙකුගෙන් සොරකම් කරන ලද හෝ කොල්ලකන ලද ඒවා බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.
එවැනි වටිනා ජංගම දුරකථන, ස්වර්ණාභරණ, සුවඳ විලවුන්, වීදුරු උපකරණ ආදී භාණ්ඩ අඩුමිලට ලබාදෙන බවට අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කර භාණ්ඩ අලෙවිය සිදුකරනවා. කෙසේ වෙතත් එම ආයතනවල භාණ්ඩ විකුණන පුද්ගලයින් භාණ්ඩ හුවමාරු කිරීමේ ස්ථාන ලෙස ජනයා වැඩිපුර නොගැවසෙන සහ සී.සී.ටී.වී. කැමරා නොමැති ස්ථානයක් තෝරාගනු ලබන අතර, එහිදී ඔවුන් භාණ්ඩ විකුණා ක්‍ෂණිකව අතුරුදන්වීමට කටයුතු කරන බවටයි දැනට පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ.














