AFC Banner
Empty Ad
Empty Ad

ගල්ෆ් මුහුදේ දී තෙල් නැවක් අත්අඩංගුවට – කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර ශ්‍රී ලාංකිකයින් තුනක්

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය විසින් ටෝගෝ ධජය යටතේ යාත්‍රා කළ තෙල් නැවක් ගල්ෆ් කලාපයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු නෞකාවේ කාර්ය මණ්ඩලය 12 දෙනෙක් සිටින බවයි වාර්තා වන්නේ.

එම කාර්යමණ්ඩල සාමාජිකයින් දොළොස් දෙනා අතර, ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනෙකුත් කාර්යමණ්ඩල සාමාජිකයින් 09 දෙනා ඉන්දියා ජාතිකයින් බවට අනාවරණය වී තිබෙනවා.

මෙම යාත්‍රාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ඉරාක පදිංචිකරුවෙකුට අයත් නෞකාවක් බවට අනාවරණය වී ඇති අතර, අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී ඉන්ධන ලීටර් 700,000ක් ප්‍රවාහනය කරමින් තිබූ බව සඳහන්.

ඉන්ධන ජාවාරම් කිරීමේ චෝදනාව මත මෙම නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පසුගිය ජනවාරි මස ජනවාරි අගදී, ඉරානය විසින් නීති විරෝධී ලෙස ඉන්ධන ලීටර් මිලියන දෙකක් රැගෙන යාත්‍රාවක් කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු ද සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
1
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?