ගල්ෆ් මුහුදේ දී තෙල් නැවක් අත්අඩංගුවට – කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර ශ්‍රී ලාංකිකයින් තුනක්

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය විසින් ටෝගෝ ධජය යටතේ යාත්‍රා කළ තෙල් නැවක් ගල්ෆ් කලාපයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු නෞකාවේ කාර්ය මණ්ඩලය 12 දෙනෙක් සිටින බවයි වාර්තා වන්නේ.

එම කාර්යමණ්ඩල සාමාජිකයින් දොළොස් දෙනා අතර, ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනෙකුත් කාර්යමණ්ඩල සාමාජිකයින් 09 දෙනා ඉන්දියා ජාතිකයින් බවට අනාවරණය වී තිබෙනවා.

මෙම යාත්‍රාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ඉරාක පදිංචිකරුවෙකුට අයත් නෞකාවක් බවට අනාවරණය වී ඇති අතර, අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී ඉන්ධන ලීටර් 700,000ක් ප්‍රවාහනය කරමින් තිබූ බව සඳහන්.

ඉන්ධන ජාවාරම් කිරීමේ චෝදනාව මත මෙම නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පසුගිය ජනවාරි මස ජනවාරි අගදී, ඉරානය විසින් නීති විරෝධී ලෙස ඉන්ධන ලීටර් මිලියන දෙකක් රැගෙන යාත්‍රාවක් කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු ද සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46