ගෙවුණු මාස 04 දී වාර්තාගත ඩෙංගු රෝගීන් ගණනක් ජූලිවල දී

මෙරට ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සංඛ්‍යාත්මක ව ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

වසංගත රෝග විද්‍යා අංශය පෙන්වාදෙන පරිදි ගෙවුණු මාස හතරක කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ; ජූලි මාසය තුළ බවයි වාර්තා වන්නේ.

ජූලි මාසය තුළ පමණක් ඩෙංගු වැළඳුණු රෝගීන් 3,944 දෙනෙකු හමු ව ඇති අතර; එය පෙර මාසවලට වඩා සාපේක්ෂ ව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

ජුනි මාසයේ දී රෝගීන් 3,319 ක්, මැයි මාසයේ දී 2,647ක් සහ අප්‍රේල්වල දී 2,234 ක් රෝගීන් වාර්තා වූ අතර මාර්තු මාසයේ දී රෝගීන් 3,615 ක් වාර්තා වී තිබුණා.

2024 වසර සඳහා වාර්තා වූ සමුච්චිත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 32,000 සීමාව ද මේ වනවිට ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ.

ජූලි 27 වන විට, වර්ෂය සඳහා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 32,183ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය ගණනින් 7,585ක්.

2024 මෙම වර්ෂයේ දී ඩෙංගු වැළඳීමෙන් රෝගීන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති අතර; වෛද්‍ය බලධාරීන් ඉල්ලා සිටියේ ඩෙංගු මර්දනය කිරීමට ජනතාව සිය නිවෙස් ඇතුළු ජීවත් වන පොදු පරිසරය වඩාත් සැලකිල්ලෙන් පිරිසිදු ව තබා ගත යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01