Empty Ad
AFC Banner
Empty Ad

ගෙවුණු මාස 04 දී වාර්තාගත ඩෙංගු රෝගීන් ගණනක් ජූලිවල දී

මෙරට ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සංඛ්‍යාත්මක ව ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

වසංගත රෝග විද්‍යා අංශය පෙන්වාදෙන පරිදි ගෙවුණු මාස හතරක කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ; ජූලි මාසය තුළ බවයි වාර්තා වන්නේ.

ජූලි මාසය තුළ පමණක් ඩෙංගු වැළඳුණු රෝගීන් 3,944 දෙනෙකු හමු ව ඇති අතර; එය පෙර මාසවලට වඩා සාපේක්ෂ ව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

ජුනි මාසයේ දී රෝගීන් 3,319 ක්, මැයි මාසයේ දී 2,647ක් සහ අප්‍රේල්වල දී 2,234 ක් රෝගීන් වාර්තා වූ අතර මාර්තු මාසයේ දී රෝගීන් 3,615 ක් වාර්තා වී තිබුණා.

2024 වසර සඳහා වාර්තා වූ සමුච්චිත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 32,000 සීමාව ද මේ වනවිට ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ.

ජූලි 27 වන විට, වර්ෂය සඳහා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 32,183ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය ගණනින් 7,585ක්.

2024 මෙම වර්ෂයේ දී ඩෙංගු වැළඳීමෙන් රෝගීන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති අතර; වෛද්‍ය බලධාරීන් ඉල්ලා සිටියේ ඩෙංගු මර්දනය කිරීමට ජනතාව සිය නිවෙස් ඇතුළු ජීවත් වන පොදු පරිසරය වඩාත් සැලකිල්ලෙන් පිරිසිදු ව තබා ගත යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47
Video thumbnail
සීදුවේ ඉඳිකටු ජුඩ් අවසන් ගමන් යවපු හැටි මෙන්න - අභිරහස් රැසක් එකින් එක හෙළිවෙයි
07:49
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙක කරපු හැටි
13:47

?