AFC Banner
Empty Ad
Empty Ad

තැපැල් ඡන්ද පත්‍රිකා සුරක්ෂිතව බෙදාහැරීමට තැපෑල සූදානමින්

සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් මුද්‍රා තැබූ පැකට් ආරක්ෂිතව අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ, මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනටමත් සියලුම නිලධාරීන් දැනුවත් කර ඇති බවයි.

දැනට ලැබී ඇති අයැදුම්පත්‍ර අනුව ආසන්න වශයෙන් තැපැල් ඡන්ද ලක්ෂ 07ක් පමණ අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සංඛ්‍යාව තහවුරු වන්නේ මැතිවරණ කොමිෂන් සභාව, තේරීම් භාර නිලධාරීන් සමඟ එක්ව අයදුම්පත් අනුමත කර අයදුම්කරුවන් තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති බව පැවසීමෙන් අනතුරුව බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඉන් අනතුරුව ඉදිරියේ දී නිල ඡන්ද පත්‍රිකා නිවෙස්වලට බෙදාහැරීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?