කූඨ ලේඛන සැකසූ සහකාර රේගු අධිකාරීවරයෙකු CID අත්අඩංගුවට

ඉන්දුනීසියාවේ සිට මෙරටට ගෙන්වූ කරුංකා පුවක් තොගයක්  ව්‍යාජ ලේඛන සකසා ප්‍රතිඅපනයනය කිරීම සම්බන්ධයෙන් සහකාර රේගු අධිකාරිවරයෙකු පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත්තා .

මීට මාස තුනකට පමණ පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුංකා පුවක් ප්‍රතිඅපනය කිරීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළා.

මෙම විමර්ශනය සිදු කෙරුණේ ඉන්දුනීසියාවේ සිට මෙරටට ගෙන්වූ කරුංකා පුවක් මෙරට නිෂ්පාදන බවක් අඟවා ව්‍යාජ ලේඛණ සකස් කොට නැවත ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීම සම්බන්ධයෙනුයි.

මේ සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු මීට මාස දෙකකට පෙර අත්අඩංගුවට ගැණුනා. ඔවුන්ගෙන් ලද තොරතුරු සහ සිදුකරන ලද විද්‍යාත්මක පරීක්ෂණ ඔස්සේ මෙම කරුංකා මෙරට නිෂ්පාදන බවට හැඟවෙන ලෙස ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය ඔස්සේ නිකුත් කළ සහතිකය සැකැසූ රේගු දෙපාර්තමේන්තුවේ සහකාර රේගු අධිකාරී වරයා අත්අඩංගුවට ගැණුනේ ඒ අනුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?