කූඨ ලේඛන සැකසූ සහකාර රේගු අධිකාරීවරයෙකු CID අත්අඩංගුවට

ඉන්දුනීසියාවේ සිට මෙරටට ගෙන්වූ කරුංකා පුවක් තොගයක්  ව්‍යාජ ලේඛන සකසා ප්‍රතිඅපනයනය කිරීම සම්බන්ධයෙන් සහකාර රේගු අධිකාරිවරයෙකු පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත්තා .

මීට මාස තුනකට පමණ පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුංකා පුවක් ප්‍රතිඅපනය කිරීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළා.

මෙම විමර්ශනය සිදු කෙරුණේ ඉන්දුනීසියාවේ සිට මෙරටට ගෙන්වූ කරුංකා පුවක් මෙරට නිෂ්පාදන බවක් අඟවා ව්‍යාජ ලේඛණ සකස් කොට නැවත ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීම සම්බන්ධයෙනුයි.

මේ සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු මීට මාස දෙකකට පෙර අත්අඩංගුවට ගැණුනා. ඔවුන්ගෙන් ලද තොරතුරු සහ සිදුකරන ලද විද්‍යාත්මක පරීක්ෂණ ඔස්සේ මෙම කරුංකා මෙරට නිෂ්පාදන බවට හැඟවෙන ලෙස ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය ඔස්සේ නිකුත් කළ සහතිකය සැකැසූ රේගු දෙපාර්තමේන්තුවේ සහකාර රේගු අධිකාරී වරයා අත්අඩංගුවට ගැණුනේ ඒ අනුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09