ශ්‍රී ලංකා – ඉන්දියා පළමු විස්සයි විස්ස තරගයට පෙර විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අද (27) පස්වරුවේ ආරම්භ වනවා.

මේ අතර පළමු විස්සයි විස්ස තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල මේ වනවිට අලෙවි කර අවසන් බවයි දැනුම් දෙන්නේ.

ඒ, අනුව අද තරගය සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා ක්‍රීඩාංගණයට හෝ වෙනත් ප්‍රවේශපත්‍ර කවුන්ටරයකට නොපැමිණෙන ලෙස මහජනතාවට දැනුම් දෙනවා.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරග වෙනුවෙන් ක්‍රීඩාංගණයට ඇතුළුවීම සඳහා පස්වරු 4.00 සිට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
5
+1
2
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?