මැලේසියාවට එරෙහිව බංගලි කතුන් පළමු ව පිත්ත අතට ගනියි

B කාණ්ඩය යටතේ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (24) දහවල් පැවැත්වෙනවා.

ඒ බංග්ලාදේශය සහ මැලේසියාව අතර යි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ නායිකා Nigar Sultana සමත් වුණා.

ඒ අනුව ඇය තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

මේ වනවිට බංග්ලාදේශ කණ්ඩායම පැවති තරග 02න් එකක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන පසුවනවා.

මැලේසියාව පසුවන්නේ පැවති තරග 02ම පරාජයට පත් වී අවසන් ස්ථානයේයි.