මැදවච්චියේ බිහිසුණු අනතුරක් – වාහන තුනක් එකිනෙක ගැටේ

අනුරාධපුර – මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ ඊයේ (23) රාත්‍රියේ දී සිදු වූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම රිය අනතුර සිදු ව ඇත්තේ සාලියපුර පොලිස් බල ප්‍රදේශයේ දී බවයි.

වෑන් රථයක්, ත්‍රීරෝද රථයක් හා අත් ට්‍රැක්ටරයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

අනතුරින් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ රියදුරු සහ ත්‍රීරෝද රථයේ රියදුරු වන අතර ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමටයි පියවර ගැනුණේ.

තුවාලකරුවන් අනුරාධපුර – සාලියපුර හා සදමල්එළිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අනුරාධපුර දෙස සිට මැදවච්චිය දෙසට අත් ට්‍රැක්ටරය ගමන් කරමින් තිබිය දී ඊට පිටුපසින් ගමන් ගත් ත්‍රීවිල් රථය අත් ට්‍රැක්ටරයේ ගැටී මාර්ගයේ විරුද්ධ දිසාවෙන් පැමිණි වෑන් රථයක ද ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව පොලිසිය සඳහන් කළා.

අනතුර පිළිබඳ ව අනුරාධපුර පොලිසියේ රථවාහන අංශය විසින් පරීක්ෂණ සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..ආලෝකට ලැබෙන ගෞරවය?
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24