ගින්නකින් පුද්ගලයින් 16ක් මරුට

නිරිත දිග චීනයේ වාණිජ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

NHK වෙබ් අඩවිය වාර්තා කරන පරිදි මෙම ගින්න ඇති වී ඇත්තේ නිරිතදිග චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ යි.

සිගොං නගරයේ තට්ටු 14කින් යුත් ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන තිබෙනවා.

එකවරම ගින්න හටගෙන ඇති අතර මුළු ගොඩනැගිල්ල ම වසාගත් කළු දුමාරයක් වහනය වී ඇති බවත් වාර්තා වනවා.

සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ එම ගොඩනැගිල්ලේ වහලය මතට නැගී එහි සිටි මිනිසුන් උදව් ඉල්ලා කෑ ගසන ආකාරයයි.

කෙසේවෙතත් ප්‍රාන්ත බලධාරීන් එක්ව දැඩි පරිශ්‍රමයකින් පැය 02කට පසුව ගින්න නිවා දැමුව ද, එහි බලපෑම මේ වනවිටත් පහව නොගොස් ඇති බවට ද වාර්තා වනවා.

ගින්න ඇතිවීමට හේතුව ලෙස සැක කෙරෙන්නේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවලින් නැගි ගැටලුවක් බවට ද සැලකෙනවා

ජනවාරි මාසයේදී ද නිරිත දිග චීනයේ ජියැන්ග්සි නගරයේ ගොඩනැගිල්ලක ද ගින්නක් හටගත් අතර ඉන් පුද්ගලයින් 39 දෙනෙකුට දිවි අහිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?