ගින්නකින් පුද්ගලයින් 16ක් මරුට

නිරිත දිග චීනයේ වාණිජ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

NHK වෙබ් අඩවිය වාර්තා කරන පරිදි මෙම ගින්න ඇති වී ඇත්තේ නිරිතදිග චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ යි.

සිගොං නගරයේ තට්ටු 14කින් යුත් ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන තිබෙනවා.

එකවරම ගින්න හටගෙන ඇති අතර මුළු ගොඩනැගිල්ල ම වසාගත් කළු දුමාරයක් වහනය වී ඇති බවත් වාර්තා වනවා.

සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ එම ගොඩනැගිල්ලේ වහලය මතට නැගී එහි සිටි මිනිසුන් උදව් ඉල්ලා කෑ ගසන ආකාරයයි.

කෙසේවෙතත් ප්‍රාන්ත බලධාරීන් එක්ව දැඩි පරිශ්‍රමයකින් පැය 02කට පසුව ගින්න නිවා දැමුව ද, එහි බලපෑම මේ වනවිටත් පහව නොගොස් ඇති බවට ද වාර්තා වනවා.

ගින්න ඇතිවීමට හේතුව ලෙස සැක කෙරෙන්නේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවලින් නැගි ගැටලුවක් බවට ද සැලකෙනවා

ජනවාරි මාසයේදී ද නිරිත දිග චීනයේ ජියැන්ග්සි නගරයේ ගොඩනැගිල්ලක ද ගින්නක් හටගත් අතර ඉන් පුද්ගලයින් 39 දෙනෙකුට දිවි අහිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58


?