ඉතිහාසයේ පළමු වරට තරුණ විරුවන් ඇගයේ

මෙරට ඉතිහාසයේ පළමු වරට තරුවන් විරුවන් ඇගයීමට ලක් කර තිබෙනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ සංකල්පයක් අනුවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ.

එහි පළමු ඇගයීම් උත්සවය අද (17) දිනයේ දී ජාතික ශිෂ්‍යභට බළකාය විසින් කොළඹ පාමංකඩ ජාතික ශිෂ්‍යභට බළකා මූලස්ථානයේ දී සිදු කරනු ලැබුවා.

ජාතික තරුණ විරු සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූයේ ද රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර යි.

ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා විසින් මෙම අභිමානවත් අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සපැමිණි රාජ්‍ය අමාත්‍යවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ දූරදර්ශී සංකල්පයක් මත, ජාතික ශිෂ්‍යභට බළකාය මගින් සංවිධානය කරනු ලැබූ මෙම ජාතික තරුණ විරු සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අරමුණු වනුයේ වීරත්වය පිළිබිඹු වන ක්‍රියාවන්හි යෙදුණු තරුණ තරුණියන් හඳුනාගෙන එම වීරවරයන්, වීරවරියන් ඇගයීමට ලක් කිරීමත්, සමස්ත තරුණ ප්‍රජාව අභිමානවත් පෞරුෂයකින් හෙබි තරුණ තරුණියන් බවට පත් කිරීමත් බවයි වාර්තා වන්නේ.

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශිෂ්‍ය භට බළකායට නව ප්‍රවිෂ්ටයක් ලබාදෙමින් තරුණ විරු දරුවන්ගේ වීරත්වයන් හඳුනාගැනීමේ සහ එම වීර ක්‍රියාවන් නිසි ඇගයීමකට ලක් කිරීමේ අභිමානවත් අරමුණ පෙරදැරි ව මෙම වැඩසටහන ඉදිරියේ දී ද ක්‍රියාත්මක වනු ඇති.

මෙම සම්මාන උලෙළේ දී චරිත්මා ජිනේන්ද්‍රි සිසුවිය සහ සසිඳු නිම්සර සිසුවා වෙත සම්මාන පිරිනැමුණේ ඔවුන් විසින් දැක්වූ සුවිශේෂී නිර්භීතභාව සහ අන්‍යයන්ගේ යහපත වෙනුවෙන් ඔවුන් විසින් සිදු කරන ලද පරාර්ථකාමී ක්‍රියාවන් අගයමින්.

පුත්තලම – මහකුඹුක්කඩවල, කිවුල පිරිවෙනේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සසිඳු නිම්සර සිසුවා අඩි 36ක් ගැඹුරැති ළිඳකට වැටී ජීවිතයත් සමග සටන් කරමින් සිටි සිව් හැවිරිදි දරුවෙකු බේරා ගැනීමට නිර්භීත ව ඉදිරිපත් වීම සහ පාදුක්ක සිරි පියරතන විද්‍යාලයේ ඉගෙනුම ලබන පාදුක්කවග, ඉරිදා පොළ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි චරිත්මා ජිනේන්ද්‍රි සිසුවිය පසුගියදා රාත්‍රියක ඒ අසල පිහිටි වක් ඔය පිටාර ගැලීම හේතුවෙන් තම නිවසේ සිර වී සිටි අඹුසැමි යුවලකගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් මෙම ඇගයීම් සිදු කෙරුණා.

මෙම අවස්ථාවට නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න, ජාතික ශිෂ්‍යභට බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශිෂ්‍යභට නිලධාරීන් සහ සම්මානලාභීන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින් ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16