ශ්‍රී ලංකා – ග්වැන්ෂෝ මිත්‍රත්ව පා පැදි සවාරිය හෙටින් ඇරඹෙයි (ඡායාරූප)

‘ශ්‍රී ලංකා – ග්වැන්ෂෝ මිත්‍රත්ව පා පැදි සවාරිය (Sri Lanka – Guangzhou Friendship Cycle Tour) සඳහා සහභාගී වීමට චීන ජාතික පා පැදි ශූරයින් 47 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

මෙම පාපැදි ශූරයින් අද (16) පෙරවරු 11.05ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ග්වැන්ෂෝ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 885 දරන ගුවන් යානයෙන් පැමිණි බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහ චීනයේ ග්වැන්ෂෝ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය එක්ව මෙම පාපැදි සවාරිය සංවිධානය කරනු ලබනවා.

මෙම පා පැදි සවාරිය මෙරට වයස අවුරුදු 19 න් පහළ පා පැදි කණ්ඩායම නගා සිටුවීම ඉලක්ක කරගෙනයි සංවිධානය කෙරෙන්නේ.

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් තෝරා ගත් වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලාංකික පා පැදි ශූරයින් 11 දෙනෙකු සමග මෙම චීන ජාතික පා පැදි ශූරයින් හෙට (17) දින කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටින් මෙම සවාරිය ආරම්භ කර ගාලු පාර ඔස්සේ ගමන් කරමින් ජුලි 20 වැනි දින යාල වනෝද්‍යානය තුළින් අවසන් කිරීමට නියමිතයි.

මෙම පා පැදි සවාරිය අවසානයේ මෙරට වයස අවුරුදු 19 න් පහළ තෝරා ගත් පා පැදි ශූරයින් හට හා චීන ජාතික පා පැදි ශූරයින් හට නවතම පා පැදි 11 ක් පරිත්‍යාග කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.

IMG 20240716 WA0083 scaled
IMG 20240716 WA0075 scaled
IMG 20240716 WA0082 scaled
IMG 20240716 WA0051
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?