ශ්‍රී ලංකා – ග්වැන්ෂෝ මිත්‍රත්ව පා පැදි සවාරිය හෙටින් ඇරඹෙයි (ඡායාරූප)

‘ශ්‍රී ලංකා – ග්වැන්ෂෝ මිත්‍රත්ව පා පැදි සවාරිය (Sri Lanka – Guangzhou Friendship Cycle Tour) සඳහා සහභාගී වීමට චීන ජාතික පා පැදි ශූරයින් 47 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

මෙම පාපැදි ශූරයින් අද (16) පෙරවරු 11.05ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ග්වැන්ෂෝ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 885 දරන ගුවන් යානයෙන් පැමිණි බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහ චීනයේ ග්වැන්ෂෝ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය එක්ව මෙම පාපැදි සවාරිය සංවිධානය කරනු ලබනවා.

මෙම පා පැදි සවාරිය මෙරට වයස අවුරුදු 19 න් පහළ පා පැදි කණ්ඩායම නගා සිටුවීම ඉලක්ක කරගෙනයි සංවිධානය කෙරෙන්නේ.

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් තෝරා ගත් වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලාංකික පා පැදි ශූරයින් 11 දෙනෙකු සමග මෙම චීන ජාතික පා පැදි ශූරයින් හෙට (17) දින කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටින් මෙම සවාරිය ආරම්භ කර ගාලු පාර ඔස්සේ ගමන් කරමින් ජුලි 20 වැනි දින යාල වනෝද්‍යානය තුළින් අවසන් කිරීමට නියමිතයි.

මෙම පා පැදි සවාරිය අවසානයේ මෙරට වයස අවුරුදු 19 න් පහළ තෝරා ගත් පා පැදි ශූරයින් හට හා චීන ජාතික පා පැදි ශූරයින් හට නවතම පා පැදි 11 ක් පරිත්‍යාග කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.

IMG 20240716 WA0083 scaled
IMG 20240716 WA0075 scaled
IMG 20240716 WA0082 scaled
IMG 20240716 WA0051


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51