ප්‍රහසන රංගවේදී ෆ්‍රෙඩීගේ බිරිඳ දිවිසැරිය නිමකරයි

මෙරට සිටි අතිදක්ෂ ප්‍රහසන රංගන ශිල්පියෙකු වූ ෆ්‍රෙඩී සිල්වාගේ බිරිඳ වන රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය අද (16) උදෑසන අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ.

දිගු කලක් ඇය අසනීප තත්ත්වයෙන් පසු වූ අතර; පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහත්මිය අභාවප්‍රාප්ත වුණා.

වසර පහළොවක පමණ කාලයක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය අද දිනයේ මහරගම පිළිකා රෝහලට ඇතුළත් කිරීමට සූදානමින් සිටි බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මානෙල් චන්ද්‍රලතා අභාවප්‍රාප්ත වන විට 68 වන වියේ පසුවුණා.

ජය සිකුරු චිත්‍රපටියෙන් වර්ෂ 1984 දී සිනමාවට පිවිසෙන ඇය; චණ්ඩියාගෙත් චණ්ඩියා ,නැව ගිලුණත් බෑන් චූන්, නොම්මර 17, රන්දෙණිගල සිංහයා, යුක්තියට වැඩ, වලව්වේ හාමු ,ජය කොතනද, සේයා, ඩොක්ට නවරියන්, කොලොම්පූර්, ඔක්කොම හොඳටයි, ජීවන් මල්ලි, අලිබබා සහ හොරු හතළිහ, හෙලෝ මයි ඩාලින් වැනි චිත්‍රපට 58කට පමණ සිය රංගනයෙන් දායක වී ඇති දක්ෂතා සපිරි රංගන ශිල්පියක්.

2018 වසරේ ‘ පුංචි අන්දරේ’ චිත්‍රපටයට එක් වූයේ ඇය ඇයගේ අවසන් සිනමා පටය ලෙසටයි.

ඉන් අනතුරුව ඇය පිළිකා රෝගයෙන් පීඩා විඳීම හේතුවෙන් ඉන් ඉවත් වුණා.

ඇයගේ දේහය මේ වනවිට ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසාන කටයුතු
අනිද්දා (18) ගල්කිස්ස සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
21
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32