දයාසිරි මෛත්‍රීට එරෙහිව දැමූ නඩු දෙකක් කැඳවීමට උසාවියෙන් දින (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගනු ලැබූ තීන්දුවට එරෙහි ව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් එම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහි ව ගොනු කළ පැමිණිලි දෙකක් ලබන 23 වන දා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

මෙම පැමිණිලිවලට අදාළ අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝගය අද (16) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව තිබුණා.

ඒත් විනිසුරුවරයා දැනුම් දුන්නේ වග උත්තරකාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද ලේඛන නඩු ගොනුවට ඇතුළත් වී නොමැති බවයි.

ඒ අනුව අදාළේ ලේඛන ගොනු කිරීමට පාර්ශ්වකරුවන්ට අවසර දුන් අධිකරණය නඩුව නැවත ලබන 23 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?