AFC Banner
Empty Ad
Empty Ad

ඉම්රාන් ඛාන්ගේ පක්ෂය තහනම් වෙයි?

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් හෙවත් පී.ටී.අයි පක්ෂය තහනම් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව පකිස්තානු මාධ්‍ය වාර්තා කරනවා.

ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි පක්ෂයට නීති විරෝධී මූලාශ්‍රවලින් විදේශ අරමුදල් ලැබී ඇති බවට ඔප්පු වී ඇති චෝදනාව මෙන්ම පසුගිය වසරේ පක්ෂයේ නායකත්වය සහ ආධාරකරුවන් විසින් හමුදා ස්ථාන ඉලක්ක කර කළ කෝලාහල ඇතුළු කරුණු ගණනාවක් මත මෙම තීරණය ගෙන ඇතැයි අමාත්‍ය අට්ටාවුල් තාරාර් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළා.

පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය තහනම් කිරීමට ෆෙඩරල් රජය නඩුවක් ඉදිරිපත් කරනු ඇති බවත් අවශ්‍ය නම් කැබිනට් මණ්ඩලයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?