”ක්ලබ් වසන්තට කළ දේ උඹටත් කරනවා” – MOH ට මරණ තර්ජන (ඡායාරූප)

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට මරණ තර්ජන එල්ල කරමින් පෝස්ටර් ප්‍රදර්ශනය කර; එම නිල රාජකාරි ස්ථානයට කළු තෙල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම සිදුවීම පිළිබඳ ව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් කැකිරාව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද සිදු කරනු ලැබූ අතර; ඉන්පසුව විමර්ශන ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට වහාම එම බල ප්‍රදේශයෙන් ඉවත් ව යන ලෙසත්; එසේ නොවුණහොත් පසුගියදා අතුරුගිරියේ දී ඝාතනය වූ ක්ලබ් වසන්ත නමැත්තාට අත් වූ ඉරණම ම අත්වන බවත් එම පෝස්ටර්වල සඳහන් බව අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ ගොඩනැගිලි 03කට මෙම කළු තෙල් ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් පරීක්ෂණ සඳහා ඊයේ (14) දිනයේ දී එම කාර්‍යාලය පොලිස් ආරක්ෂාව මත වසා දමා ඇති බවයි පැවසෙන්නේ.

රුපියල් කෝටි ගණනක් වටිනා විෂ මිශ්‍රිත පාන්පිටි තොගයක් අත්අඩංගුවට ගැනීම හා කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් මෙන් ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් භාරයට ගෙන තිබූ ආහාර ද්‍රව්‍ය තොගයකට හානි කිරීම සම්බන්ධන්ධයෙන් නීතිඥවරුන් දෙදෙනෙකුට ද එරෙහි ද කැකිරාව සෞඛ්‍ය වෛද්‍යවරයා විසින් මේ වනවිට අධිකරණයේ නඩු පවරා එම නඩු විභාග වෙමින් ඇති පසුබිමකයි මෙම මරණ තර්ජන ඔහුට එල්ල ව ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය මගින් ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

WhatsApp Image 2024 07 15 at 17.27.45
WhatsApp Image 2024 07 15 at 17.27.44
WhatsApp Image 2024 07 15 at 17.27.43
WhatsApp Image 2024 07 15 at 17.27.42
WhatsApp Image 2024 07 15 at 17.27.41
WhatsApp Image 2024 07 15 at 17.27.40 1
WhatsApp Image 2024 07 15 at 17.27.40
WhatsApp Image 2024 07 15 at 17.27.39 1
WhatsApp Image 2024 07 15 at 17.27.39
WhatsApp Image 2024 07 15 at 17.27.37 2
WhatsApp Image 2024 07 15 at 17.27.37


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21