මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂකවරයා වශයෙන් සේවය කරමින් දහස් ගණන්වූ ජනතාවකට සෙත සැලසූ වෛද්‍ය වසන්ත දිසානායකයන් සිය ජීවන ගමන නිම කළේ සියල්ල අනිත්‍ය බව යළිත් අපට පසක් කරමිනි.
එතුමන්ගේ ජීවිතයෙන් අපට උගත හැකි පාඩම් බොහෝමය.
කැපවීම, අධිෂ්ඨානය සහ මිනිස්කම පිළිබඳව ඔහුගේ ජීවිතය තුළින් අපට උගත හැක.
පසුගියදා ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වූ ‘මාත්‍රා’ වැඩසටහනට ද එක්වෙමින් ඔහු අපට පාඩම් රැසක් කියා දුනි.
ඒ, තමන් ජීවිතය ජයගත් අයුරු රටටම හෙළි කරමින්.
වැඩසටහන ආරම්භයේදී ඔහු සඳහන් කරන්නේ පවසන බොහෝ කාරණා දරුවන්ට බොහොමත් වැදගත්වන බවත් ඒවා පෑනක් ගෙන ලියාගැනීමට පවා උචිත ඒවා බවත්ය.
තමන් ශිෂ්‍යත්වය අසමත් වූ බව එහිදී හෙළිකළ දිසානායකයන්, අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂකවරයා දක්වා පැමිණි මග උදාහරණ ලෙස දක්වමින් වැඩසටහන තුළදී ඉතා වැදගත් පාඩමක් කියා දුනි.
එම වැඩසටහන වෛද්‍ය වසන්ත දිසානායකයන්ට ගෞරවයක් ලෙසින් පහතින් නැරඹිය හැකියි.

Ane mata harima dukay. Mama mulu hadawathinma garu karapu uthum manushayek